Spread the love

ජලභීතිකා රෝගය වැළදීමෙන් මේ වර්ෂයේ ගතවු මාස අටක් තුළ පුද්ගලයන් 17 දෙනෙකු මියගොස් ඇතිබව සෞඛ්‍ය අමාත්‍යංශයේ මහජන සෞඛ්‍ය පශු වෛද්‍ය සේවාවේ අධ්‍යක්ෂ වෛද්‍ය එල්.ඩී.කිත්සිරි මහතා පැවසීය.

පසුගිය වර්ෂයේ ජලභීතිකාව වැළදීමෙන් පුද්ගලයන් 32 මියගොස් ඇති අතර 2025 වර්ෂය වනවිට මෙරටින් ජලභීතිකාව තුරන් කිරීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක බව පැවසීය.

ජලභීතිකාව මිනිසුන්ට සහ ශීරපායි සත්වයින්ට බෝවන රෝගයෙකි.එම වෛරස රෝගය බෝවනුයේ ආසාදිත සත්වයෙකුගෙන් පිටවන කේටය කුමන හෝ අයුරකින් ශරීර ගතවීමෙන් බව පැවසීය.

කඩිනමින් එන්නත කිරීම තුළින් මෙම තත්වය පාලනය කිරීමට හැකිය.ජලභීතිකාව පතුරවන ප්‍රධාන සත්වයා ලෙස සුනඛයා හැදින්විය හැකිය.ඒ හේතුවෙන් සුනඛයන් එන්නත් කිරීම වේගවත් කර තිබේ.සුනඛයෙකු සපා කෑ විට හෝ සීරීමකට ලක්කර විට ජලභීතිකා රෝග ලක්ෂණ පහළ වීමට පෙර කඩිනමින් එන්නත් ලබා ගැනීම තුළින් මිය යාම වළක්වා ගත හැකිය.

සුනඛ ගහණයේ යම් වර්ධනයක් ඇතිබැවින්ද සුනඛ ගහණය පාලනය කිරීම සදහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවද පැවසීය. විශේෂයෙන්ම සූරතල් සතුන් ඇතිකිරීමේදී වගකීමෙන් කටයුතු කරන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බව වැඩිදුරටත් පැවසීය.