Spread the love

උඩරට දුම්රිය මාර්ගයේ දියතලාව හා බණ්ඩාරවෙල දුම්රිය ස්ථාන අතර මෙන්ම ඔහිය සහ ඉදල්ගස්හින්න දුම්රිය ස්ථන අතර දුම්රිය මාර්ගයට ඊයේ (13) රාත්‍රීයේ පස් කඳු කඩා වැටීම නිසා දුම්රිය ගමනා ගමනයට බාධා ඇතිවී තිබු බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා පවසයි.

බණ්ඩාරවෙල සහ දියතලාව අතර කඩා වැටුණු පස් සහ ගල් ඉවත් කර යලි මාර්ගය ධාවනයට සුදුසු ලෙස සකස් කිරීමට දුම්රිය මාර්ග අංශයේ නිලධාරීන් හා සේවකයන් කටයුතු කර ඇති අතර ඉදල්ගස්හින්න හා ඔහිය අතර දුම්රිය ස්ථන අතර පස් ඉවත් කිරීමේ කටයුතු සිදු කිරීමට තව පැය කිහිපයක් ගතවන බවට වාර්තා වු බවද ඒ මහතා පවසයය.ි