Spread the love

බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ ආරක්ෂක රථයේ රියදුරුව පොලු මුගුරුවලින් සහ තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇත.

ඝාතනයට ලක්වී ඇත්තේ කැස්බෑව, මාවිත්තර, ගම්මාන වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 41 හැවිරිදි වියේ පසුවූ දෙදරු පියෙක්.

ඝාතනයට ලක්වූ පුද්ගලයා එම ප්‍රදේශයේ තරුණයෙකුට යම්කිසි අවවාදයක් සිදු කර ඇති අතර එයට උරණ වූ අදාළ තරුණයා තවත් පිරිසක් සමඟ ආයුද රැගෙන පැමිණ මෙම පහරදීම සිදුකර තිබෙනවා. බරපතළ තුවාල ලැබූ රියදුරා පිළියන්දල දිසා රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කැස්බෑව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.