Spread the love

චාවකච්චේරි ප්‍රදේශයේ දී සිදු කළ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී රුපියල් පහලොස් ලක්ෂයක් ( 1,500,000/= ) වටිනා තීරු බදු නොගෙවු විදේශීය සිගරැට් තොගයක් සමගින් එක් සැකකරුවකු ඊයේ (05)කොළඹ සුරාබදු මත්ද්‍රව්‍ය නාශන අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සිගරැට් තොගයේ තීරු බදු නොගෙවු සිගරට් 18000 ක් තිබු බව සුරාබදු මාධ්‍ය ප්‍රකාශක , සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පවසයි.


අත්අඩංගුවට ගත් සැකකරු චාවකච්චේරි ප්‍රදේශයේ පදිංචි‍ අවුරුදු 39ක් පමණ වන පුද්ගලයෙකි.

එක්සත් රාජධානියේ නිෂ්පාදිත මෙම මුද්‍රා නොකැඩු, තීරු බදු නොගෙවු සිගරට් තොගයේ සිගරටි 20 පැකට් 10ක් අඩංගු කාටූන් වශයෙන් තිබූ අතර මේ පිලිබඳ වැඩිදුර පරික්ෂණ සුරාබදු මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ස්ථානාධිපති, ප්‍රධාන සුරාබදු පරීක්ෂක තිලක් දිසානායක මහතා පවත්වයි.

ජාවාරම් කරු විදේශීය රටක සිට මෙරටට ගෙනැවිත් ජාවාරමේ නිරත වන අවස්ථාවේ සුරාබදු මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විදේශීය සිගරැට් තොගය සමගින් සැකකරු කොටුකර ගැනීමට සමත්වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු අද (06) සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ උපදෙස් මත සුරාබදු කොමසාරිස් (නීති ක්‍රියාත්මක කිරීම්) කපිල කුමාරසිංහ මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරුට රුපියල් ලක්ෂ පහක ( 500,000 /= ) දඩයක් මුදලක් පණවා සිගරට් තොගය රාජසංතක කිරීමට නියෝග කොට ඇත.

සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතාගේ උපදෙස් මත සුරාබදු මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සුරාබදු අධිකාරී ජයන්ත සිල්වා මහතාගේ අධීක්ෂණය යටතේ, සුරාබදු මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක තිලක් දිසානායක මහතාගේ මෙහෙයවීමෙන් ,සුරාබදු පරීක්ෂක අරුණ ගමගේ, සුරාබදු කෝප්‍රල්වරුන් වන 802 සිවකුමාර, 868 සුජිත් දේසප්‍රිය, 915 අරුණ, සුරාබදු නියාමක 1069 සංජය හා සුරාබදු රියදුරු ප්‍රභාත් යන නිලධාරිහු මෙම වැටලීම සිදු කළහ.