Spread the love



ම ධ්‍යම පරිසර අධිකාරිය රාජ්‍ය ආයතන 276ක් අතරින් පළමු ආයතන 10 අතරට තේරෙනු බව එහි සහාපති සිරිපාල අමරසිංහ මහතා පවසයි.
ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ශ්‍රී ලංකාවේ කාර්යක්ෂම ආයතන හඳුනාගැනීම සඳහා සිදු කළ සමීක්ෂණයක දීය.


අද (11) පෙරවරුවේ මධ්‍යම පරිසර අධිකාරියේ නව අධ්‍යක්ෂ මණ්ඩලය හා පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා හමුවූ අවස්ථාවේ දී සභාපතිවරයා මෙම කාරණය දැනුම් දුන්නේය.මෙම සාකච්ඡාව මධ්‍යම පරිසර අධිකාරියේ දී පැවැත්විනි.


ජනාධිපතිතුමන් විසින් අපේ රටේ රාජ්‍ය අංශයේ කාර්යක්ෂම ආයතන හඳුනාගැනීම සඳහා සමීක්ෂණයක් සිදු කළා. රාජ්‍ය ආයතන 276ක් එම සමීක්ෂණයට ලක් කරනු ලැබුවා. ඒ අනුව මධ්‍යම පරිසර අධිකාරිය විසින් පසුගිය වසර තුළ සිදු කළ විශාල කාර්යභාරය සැළකිල්ලට ගනිමින් අපේ ආයතනය පළමු ආයතන 10ට ඇතුළත්වීම අපි සියලු දෙනා ලැබූ ජයක්. විශේෂයෙන් මෙම තත්ත්වයට ලඟාවීමට අපිට ඉළක්ක ලබා දීම සම්බන්ධව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර , අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාටත් මම ස්තුතිය පළ කරනවා


පසුගිය වසර තුළ මධ්‍යම පරිසර අධිකාරිය විසින් වසර ගණනාවක් ප්‍රමාද වෙමින් තිබු ජාතික මට්ටමේ ව්‍යාපෘති ගණනාවකට පාරිසරික අනුමැතිය ලබා දීමට පියවර ගත්තා. ඒ අනුව ආදර්ශ ගම්මාන ව්‍යාපෘතිය යටතේ කිරි කර්මාන්ත ශාලා අතරින් හඳුනාගත් පහකට අපි අනුමැතිය දුන්නා.


ඒ වගේම ඖෂධ කලාප 03කට හා නුවරඑළිය කේබල් කාර් ව්‍යාපෘතිය වැනි තවත් ජාතික වැදගත්කමක් සහිත ව්‍යාපෘති ගණනාවක් සම්බන්ධව මධ්‍යම පරිසර අධිකාරිය වේගයෙන් අනුමැතිය ලබා දීමට කටයුතු කර තිබෙනවා යැයි ද සභාපතිවරයා සඳහන් කළේය.


පළමු අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම අමතමින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පරිසර සුරක්ෂිතභාවය උදෙසා හේතුවන නව ව්‍යාපෘති හා වැඩ සටහන් ක්‍රියාත්මක කරන ලෙසත්, ඒ සඳහා අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන ලබා දීමට තමන් කටයුතු කරන බවත් සඳහන් කළේය.


විශේෂයෙන් මහජනතාවට සේවාවන් සැලසීමේ දී හැකි තරම් තාක්ෂණය භාවිතා කරමින් කටයුතු කරන ලෙස ද දුරබැහැර ප්‍රදේශවල සිට මහජනතාව ප්‍රධාන කාර්යාලවලට පැමිණීම වළක්වාගනිමින් තාක්ෂණය ඔස්සේ ඔවුන්ට කටයුතු කළ හැකි පරිදි මධ්‍යම පරිසර අධිකාරියේ කටයුතු සැලසුම් කරන්නැයි ද අමාත්‍යවරයා දැනුම් දුන්නේය.