Spread the love


ඔක්තෝම්බර් පළමු වනදා රට විවෘත කිරීමට අදාළ සැලසුම් සකස් කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.
ජනාධිපතිවරයා ඉකුත්දා කළ ඉල්ලීමට අනුව එක් එක් ක්‍ෂේත්‍රයට අදාළ සැලසුම් අදාළ ආයතන විසින් මේ වනවිට සකස් කරමින් ඇති බවයි එහි ප්‍රධානී යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ.

මේ අතර රට විවෘත කිරීමෙන් පසු රාජ්‍ය සේවකයන් සේවයට කැදවිය යුතු ආකාරය පිළිබද තීරණය කෙරෙන සාකච්ඡාවක් අද දිනයේ පැවැත්වෙනවා.

ඔක්තෝබර් පළමු වෙනිදා රට යලි විවෘත කර පසු ඊට පසුව ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉල්ලීම පරිදි යෝජනාවලියක් සකස් කරමින් ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.
බස්රථ ධාවනය කිරීම සදහා අවසර ලබා දුනහොත් එම ක්‍රමවේදයට අනුව බස්රථ ධාවනය සිදුකරන බවද පැවසීය.

එළඹෙන පළමු වැනිදා රට විවෘත කිරීමට බලාපොරොත්තු වන බවත් එහිදී යම් යම් සීමාවන් සහිතව රට විවෘත කිරීමට අපේක්ෂා කෙරෙන බවත් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා.
රට විවෘත කිරීමත් සමග සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි ලෙස පිළිපදිමින් කටයුතු කරන ලෙස ජනතාවගෙන් තමා ඉල්ලා සිටින බවද සෞඛ්‍ය අමාත්‍යවරයා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ නිරීක්ෂණයකට එක්වෙමින් මේ බව පැවසීය.