Spread the love

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ බලය ලබන අඟහරුවාදායින් (20) පසුව ජාතික මැතිවරණ කොමිෂන් සභාවට හිමිවන බව එහි සභාපති නීතීඥ නිමල් පුංචිහේවා මහතා පැවසීය.

ඒ පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ පනතේ ප්‍රතිපාදන අනුවයි.

ලබන වසරේ මාර්තු 20 වෙනිදාට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සදහා වන මූලික කටයුතු මේවන විට ආරම්භ කර ඇතිබව සභාපතිවරයා පැවසීය.

ඔක්තෝබර් 31 වනදා වනවිට 2022 ඡන්ද හිමි නාම ලේඛනය සහතික කිරීමේ කටයුතු වලින් පසුව පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ දිනය තීරණය කරන බව පැවසීය.

ඒ සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කිරීමට නියමිත බව සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.