Spread the love

පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්වීමට කටයුතු කරන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතීඥ නිමල් ජී පුංචිහේවා මහතා පැවසීය.

මැතිවරණ කල් දැමීම තුළින් ජනතා පරමාධිපත්‍යයට බරපතළ හානියක් සිදුවන බව පැවසීය.

ඒ හේතුවෙන් පළාත් පාලන මැතිවරණය ඇතුළු සියලු මැතිවරණ කල් දැමීමට කිසිසේත් එකඟ නොවන බව පැවසීය.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ බලය ලබන 20 පසුව ජාතික මැතිවරණ කොමිසමට හිමි වන බව සභාපතිවරයා පැවසීය.

ඒ අනුව ලබන වසරේ මාර්තු 20 වනදාට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සදහා මේවන විට කටයුතු ආරම්භ කර ඇතිබව එහිදී වැඩිදුරටත් පැවසීය.