Spread the love

2019/2022 බෞද්ධ ධර්මාචාර්ය විභාගයේ උත්තර පත්‍ර නැවත සමීක්ෂණය සදහා අයදුම්පත් භාරගැනීම ආරම්භ කර ඇතිබව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

අයදුම්පත් භාර ගැනීම මාර්ග ගත ක්‍රමයට පමණක් සිදුවෙයි.
ඒ සදහා www.doenets.lk විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිසිය යුතු බව එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.
DoE විභාග දෙපාර්තමේන්තුවේ ජංගම දුරකථන යෙදුම හරහා හෝ www.onlineexams.gov.lk මගින් හෝ නැවත ප්‍රතිපල සමීක්ෂණ අයදුම්පත් ඉදිරිපත් කර හැකිය.
අයදුම්පත් භාර ගැනීම ඔක්තෝබර් 31 අවසන් වෙයි.
වැඩිදුර තොරතුරු සදහා 0112785105,0112786235 මගින් හෝ 1911 විභාග දෙපාර්තමේන්තුවේ ක්ෂණික දුරකථන අංකය මගින් ලබාගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.