2
නිමල් රාජපක්ෂ –
..
ශ්‍රී ලංකාවේ කාන්තාවන් සාමාන්‍යයෙන් හෙද, ගුරු වෘත්තීය,ලිපිකරු වැනි රැකියාවල නිරත වුවත් එම ගතානුගතික ස්වරූපයෙන් වෙනස් කොට නාවික ක්ෂේත්‍රයේ තාක්ෂණික රැකියාවලට යොමු කිරීමට හැකිවීම සතුටට කරුණක් බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසුවේය.

ඇමතිවරයා එසේ පැවසුවේ,ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ මුල්‍යමය දායකත්වයෙන් , ශ්‍රී ලංකා වෙලඳ නාවිකයන්ගේ ජාතික සංගමය විසින්, මහපොල වරාය හා සමුද්‍රිය විද්‍යායතනයේ ආරම්භ කරන ලද ගැන්ට්‍රි දොඹකර පාඨමාලාව නිමකල පලමු තරුණියන් 10 දෙනෙකුට පසුගියදා අමාත්‍යංශ ශ්‍රවනාගාරයේදී සහතිකපත්පිරිනැමු අවස්ථාවේදිය.
න්‍යායික හා ප්‍රායෝගික පුහුණුව සහිත මෙම පාඨමාලා කාලසීමාව මාස 04 ක් වේ. මේ වනවිට මහපොල වරාය සමුද්‍රිය විද්‍යායතනයේ පුහුණුව ලද අංගන දොඹකර ක්‍රියාකාරිනියන් 08 දෙනෙකු වරාය පර්යන්තවල ඉතා ක්‍රියාශීලීව සේවාවන්හි නිරත වන බව වරාය අධිකාරිය පවසයි .
එමෙන්ම මෙවැනි පුහුණුවීම් ලබාදීම තුළින් ඉදිරියේදී ගැන්ට්‍රි දොඹකර මෙහෙයුම් සඳහා කාන්තාවන් යෙදවීමට බලාපොරොත්තු වනබව මෙහිදී අනාවරණය විය.
මෙම අලුතින් පුහුණු වූ ගැන්ට්‍රි දොඹකර ක්‍රියාකරවන්නියන් සඳහා පෞද්ගලික අංශයේ සහ විදේශීය රටවල බහාලු පර්යන්ත වල රැකියා අවස්ථාවන් සඳහා වැඩි ඉල්ලුමක් ඇති බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.
එමෙන්ම මෙවැනි පුහුණුවීම් ලබාදීම තුළින් ඉදිරියේදී ගැන්ට්‍රි දොඹකර මෙහෙයුම් සඳහා කාන්තාවන් යෙදවීමට බලාපොරොත්තු වනබව මෙහිදී අනාවරණය විය.
මෙම අලුතින් පුහුණු වූ ගැන්ට්‍රි දොඹකර ක්‍රියාකරවන්නියන් සඳහා පෞද්ගලික අංශයේ සහ විදේශීය රටවල බහාලු පර්යන්ත වල රැකියා අවස්ථාවන් සඳහා වැඩි ඉල්ලුමක් ඇති බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.
සහතිකපත් ප්‍රදානය කිරීමෙන් අනතුරුව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කියාසිටියේ : ශ්‍රී ලංකාවේ නාවික ක්ෂේත්‍රයේ ඉතා දිගු ගමනක් යාමට මේ අවස්ථාවේදී පසුබිම සකස් කරමින් සිටිනවා,අපේ වරායන් දියුණු කිරීමට පෞද්ගලික අංශයේ සහභාගිත්වය විශාල වශයෙන් ලැබෙමින් පවතිනවා , එය හොඳ ප්‍රවනතාවයක්. ශ්‍රී ලංකාවේ කාන්තාවන් සාමාන්‍යයෙන් හෙද, ගුරු වෘත්තීය,ලිපිකරු වැනි ගතානුගතික රැකියාවල නිරත වෙනවා ,ඒ ගතානුගතික ස්වරූපයෙන් වෙනස්වෙලා නාවික ක්ෂේත්‍රය වැනි තාක්ෂණික රැකියාවලට යොමු කිරීමට හැකිවීම පිළිබඳව සතුටු වෙනවා ඉදිරියේදී කාන්තාවන් මේ ක්ෂේත්‍ර සඳහා ආකර්ශනය කරගැනීමට හැකිවේ යැයි විශ්වාස
කරනවා.
මෙහිදී ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත සිම්රින් සිං මහත්මිය සූම් තාක්ෂණය ඔස්සේ කියාසිටියේ : අද දින පුහුණුව අවසන් කර සහතිකපත් ලබාගත් ගැන්ට්‍රි දොඹකර ක්‍රියාකරවන්නියන්ට තමගේ උණුසුම් සුභ පැතුම් පතන බවයි.
මෙම පුහුණු පාඨමාලාව සඳහා මුල්‍යමය දායකත්වය ලබාදීමට හැකිවීම පිළිබඳව ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ නේවාසික නියෝජිතයා ලෙස තමා සතුටට පත්වන බව ද සිම්රින් සිං මහත්මිය පැවසීය.
මෙම අවස්ථාවට වරාය අමාත්‍යාංශයේ ,සහ වරාය අධිකාරියේ නිලධාරීන් පිරිසක් ද , ශ්‍රී ලංකා වෙලඳ නාවිකයන්ගේ ජාතික සංගමය නිලධාරීන් පිරිසක් ද සහභාගි විය .