Spread the love

විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීමට පත් කරන ලද කමිටුව විසින් ලබා දුන් යෝජනාවලිය සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

ලබා දුන් නිර්දේශ අනුව විදුලි බල මණ්ඩල ප්‍රතිව්‍යූහගත පනත මසක් තුළ සකස් කිරීමට සහ එම ප්‍රතිව්‍යූහගත ක්‍රියාවලිය කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ කටයුතු අද (29) සිට ක්‍රියාත්මක වන බවයි අමාත්‍යවරයා පවසයි.