Spread the love

පොලොන්නරුව ජල සම්පාදන ක්‍රමයේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් ලබන බදාදා (05) පෙරවරු 08.00 සිට පස්වරු 06.00  දක්වා පැය 10 කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩල පවසයි.
ඒ අනුව බැදිවැව හා සේවාගම ජල සම්පාදන ක්‍රම මගින් ජලය බෙදා හරින සියලු ප්‍රදේශ වලට ජල කප්පාදුව සිදුවෙයි.

ඒ අනුව බැදි වැව,ලක්ෂ උයන ,ඇතුමල් පිටිය,තබරවැව,ජයන්තිපුර,උණගලාවෙහෙර,අක්කර 800,විජයබාහු පුර,මෛත්‍රීගම,පළුගස්දමන,කුරුඳුවත්ත ,ගල්තබරාව,සේවාගම,තබාල,වීරපුර සහ ඕනෑගම ප්‍රදේශ වලට ජල කප්පාදුව සිදුවෙයි.

වැඩිදුර විස්තර සදහා ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලයේ 1939 ක්ශනික දුරකථන අංකය ඇමැතිය හැකිය.