නිමල් රාජපක්ෂ
ගම්පහ මීරිගම – බෝතලේ දුම්රිය ස්ථානය අසළ දුම්රියක එන්ජිමක් ක්‍රියාවිරහිත වීමෙන් ප්‍රධාන දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු ඇනහිට තිබෙනවා.
මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ ධාවනය කෙරෙන දුම්රිය සියල්ල ප්‍රමාදවී ධාවනය වන බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ.
මේ හේතුවෙන් කාර්යාලය බලා ගමන් ගන්නා සේවකයින් දැඩි දුෂ්කරතාවයට පත්ව ඇති බවයි එම ස්ථානයේ සිටින ශ්‍රී රාජ් news අප වාර්තාකරු සඳහන් කළේ .
කෙසේ වෙතත් මේ වන විට එන්ජිම ක්‍රියාවිරහිත වී ඇනහිට තිබෙන දුම්රිය තවත් දුම්රියකින් තල්ලුකර ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු යථා තත්ත්වයට පත් කිරිමට කටයුතු කරන බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළා.