Spread the love

ළදරුවන්ට දියර ආහාර ලබාදීමේදී භාවිත කරන ප‍්‍රමිතියෙන් තොර ප්ලාස්ටික් බෝතල් අළෙවි කරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට තීරණය කර බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සදහන් කරයි.

පොලිකාබනේට් වලින් නිෂ්පාදිත ප්ලාස්ටික් කිරි බෝතල් සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය හිමි වී නැහැ.

එහෙත් වෙළෙඳපොලේ එවැනි නිෂ්පාදන පවතින බවට තොරතුරු ලැබී තිබේ.ඒ සඳහා කටයුතු කිරීමට ශ‍්‍රී ලංකා තාක්ෂණික ආයතනයට හැකියාව පවතින බව එම අධිකාරිය සදහන් කරයි.

ළදරුවන්ට දියර ආහාර ලබාදීමට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමත ප්ලාස්ටික් බෝතල් ආනයනය කිරීමට ආයතන 18 ක් ලියාපදිංචි වී සිටීයි.ලියාපදිංචි වී නොමැති ආයතනවල නිෂ්පාදන සාම්පල ලබාගැනීමට ඉදිරියේ කටයුතු කරන බව වැඩිදුරටත් සදහන් කරයි