සීමාසහිත එක්සත් ප්රවාත්තිපත්ර සමාගමේ ලේඛිකාවක වූ අනුල ද සිල්වා මහත්මිය දිවියෙන් සමුගනී
අනුල ද සිල්වා මහත්මිය ජාතික තරුණ සේවා සභාවේ තරුණ සංවර්ධන කටයුතු සඳහා ද ඇගේ දායකත්වය ලබා දුන් අතර, අවස්ථා කිහිපයක දී ගුවන් විදුලි වැඩසටහන් මෙහෙයවන්නියක ලෙස ද කටයුතු කළාය.
මියයන විට 82 වන වියේ පසුවූ අනුල ද සිල්වා මහත්මියගේ දේහය, අවසාන ගෞරවය දැක්වීම සඳහා ඉරිදා සිට ජයරත්න මල් ශාලාවේ තැබෙන අතර, අවසන් කටයුතු ලබන 14 වන සඳුදා බොරැල්ල කනත්තේ දී සිදුකිරීමට නියමිතයි.