Spread the love

අත්හිටවූ සිරදඬුවම් නියම වී සිටින අමාත්‍ය ප්‍රසන්න රණතුංග එම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර තිබෙනවා. අමාත්‍ය ප්‍රසන්න රණතුංගට ඊයේ (06) වසර දෙකක බරපතළ වැඩසහිත සිරදඬුවම් නියමකර එය වසර පහකට අත්හිටුවමින් කොළඹ මහාධිකරණය නියෝගයක් නිකුත් කළා

. ඒ බස්නාහිර පළාතේ ප්‍රධාන අමාත්‍යවරයාව සිටියදී මීතොටමුල්ල ප්‍රදේශයේ වගුරු බිමක් ගොඩකිරීමට අවශ්‍ය අනුමැතිය දීමට සහ එහි සිටි අනවසර පදිංචිකරුවන් ඉවත්කරදීමට ගිහාන් මෙන්ඩිස් නම් ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 64ක් ඉල්ලා තර්ජනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන්.