Spread the love

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ගෘහ ආර්ථික විද්‍යාවට අදාළ ප‍්‍රායෝගික පරීක්ෂණ (11) අද ආරම්භ කලබව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
එය ලබන 21 වැනිදා දක්වා ක‍්‍රියාත්මක වෙයි.ඒ සදහා අදාළ පාසල් අයදුම්කරුවන්ගේ ප‍්‍රවේශපත් විදුහල්පතිවරුන් වෙතද, පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප‍්‍රවේශපත් ඔවුන්ගේ ලිපින වෙත ද තැපැල් කර යවා ඇති බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි.
ඊට අමතරව විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය මඟින් ද ප‍්‍රවේශ පත‍්‍ර භාගත කරගත හැකි බව වැඩිදුරටත් විභාග දෙපාර්තමේන්තුව පවසයි.