රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) නවතම ශාඛාව අනුරාධපුර දිස්ත්‍රික්කයේ මැදවච්චිය නගරයේදී ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණ .
මෙහිදී අදහස් දැක්වු රාජ්‍ය ඇමතිවරයා ,අනුරාධපුරය, වව්නියාව, මන්නාරම හා මුලතිව් දිස්ත්‍රික්කවල ජිවත්වන ජනතාවට ප්‍රමිතියෙන් උසස් ඖෂධ සහනදායි මිලට ලබාගැනීමට අවස්ථාවක් මේ තුළින් උදාවනු ඇත.
ශ්‍රි ලංකාවෙි ඉහළම වකුගඩු රෝගීන් සංඛ්‍යාවක් වාර්ථා වන මැදවච්චිය ප්‍රදේශයේ ජනතාවට මෙය විශාල පහසුවක් වේ.එම නිසා ඉදිරියේදි දිවයිනේ අනිකුත් දිස්ත්‍රික්කවලද රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ශාඛාවන් ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් සිදුකරමින් පවතින බව චන්න ජයසුමන මහතා වැඩි දුරටත් පැවසුවේය.
මැදවච්චිය ප්‍රදේශිය සභාවේ සභාපති හා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරි ඇතුලු පිරිසක් මේ අවස්ථාවට සහභාගිවුහ.
