Spread the love

පකිස්ථානයේ ඇතිවු භුකම්පනයකින් 15 ආසන්න පිරිසක් මියගොස් ඇති බවයි විදේස් මාධ්‍ය වාර්තා කරන්නේ .

පකිස්ථාන රිච්ටර් මාපකයේ ඒකක 5.7 අගයක් ඇති භූ කම්පනයක් සිදුව තිබෙනවා.

මෙමගින් ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් නොමැති බවයි වාර්තා වන්නේ.

 බස්නාහිර, සබරගමුව, සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

තව ද නැගෙනෙහිර, ඌව සහ උතුරු පළාත්වල සවස් කලයේ දී හෝ රත්‍රී කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් වාර්තා වෙනවා.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් හා අකුණු මඟින් සිදු විය හැකි අනතුරු අවම කරගන්නා ලෙසටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.