Spread the love


ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාල අද (15) සිට උදෑසන09.00 සිට දහවල් 01.00 දක්වා විවෘතව තැබෙන බව එම දෙපාර්තමේන්තුව පවසයි.

මාතර, මහනුවර, කුරුණෑගල සහ වව්නියාව යන ප්‍රාදේශීය කාර්යාල මෙසේ විවෘතව තැබෙන අතර අත්‍යවශ්‍ය සේවා අවශ්‍ය සේවාලාභීන් පමණක් තමන් පදිංචි ස්ථානයට ආසන්නතම කාර්යාලයට පැමිණ අවශ්‍ය කටයුතු සිදුකර ගන්නා ලෙසට ඔවුන් දන්වා තිබේ.

මාතර ප්‍රාදේශීය කාර්යාලය 041 5 41 2212 සහ මහනුවර ප්‍රාදේශීය කාර්යාලය 081 562 4509 යන වව්නියාව ප්‍රාදේශීය කාර්යාලය 025 567 6344 සහ කුරුණෑගල ප්‍රාදේශීය කාර්යාලය 037 555 0562 යන දුරකථන අංක ඇමතීමෙන් වැඩිදුර තොරතුරු ලබාගත හැකිය.

බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය මගින් දැනට පවත්වාගෙන යන එක් දින සේවාව යටතේ විදෙස් ගමන් බලපත්‍ර ලබාදීම පමණක් සිදුකරන බව ද ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.