පාන් ගෙඩියක මිල ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අඩු කර තිබෙනවා.
බේකරි හිමියන්ගේ සංගමය සදහන් කළේ ග්‍රෑම් 450ක් බර පාන් ගෙඩියක මිල රුපියල් 10ක් අඩු කරන බවයි.
ඒ අනුව පාන් ගෙඩියක නව මිල රැපියල් 150ක් වනු ඇති.
එමෙන්ම අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි බේකරි හිමියන්ගේ සංගමය සදහන් කළේ.
අද සිට තිරිඟු පිටි මිල පහත දැමීමට ප්‍රීමා සහ සෙරන්ඩීබ් සමාගම් තීරණය කර තිබෙනවා.
මේ අනුව ප්‍රීමා සහ සෙරන්ඩීබ් තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 15 කින් අඩු කෙරෙනු ඇති.
එමෙන්ම සුදු සීනි කිලෝවක තොග මිල රුපියල් 30කින් සහ පරිප්පු කිලෝවක තොග මිල රුපියල් 40කින් අඩු කර ඇති බව පිටකොටුව තොග වෙළෙන්දන් පවසනවා.
රුපියල ශක්තිමත් වීම හේතුවෙන් සුදු සීනි සහ පරිප්පුවල තොග මිල මෙසේ අඩු කළ බවයි වෙළදුන් පවසන්නේ.
සීනි කිලෝවක් සදහා පැවති රුපියල් 50 ක ආනයන බද්ධ සත 25 ක් දක්වා අඩු කිරීම හේතුවෙන් රුපියල් කෝටි 7000 ක් ද රුපියල් 15 ක් වශයෙන් පැවති පරිප්පු ආනයන බද්ධ රුපියල දක්වා අඩු කිරීම හේතුවෙන් රුපියල් කෝටි 600ක බදු ආදායමක්ද මේ වන විට රජයට අහිමි වී ඇති බව සදහන්.
2020 වසරේදී සීනි බද්ධ සත විසිපහක් දක්වා අඩු කළ අතර රුපියලක බද්ධ යටතේ පරිප්පු මෙට්ටි්‍රක් ටොන් ලක්ෂ 4 ක් ද මෙරටට ආනයනය කර ඇති බවයි තොග වෙළදුන් පවසන්නේ.
ඒ අනුව සුදු සීනි සහ පරිප්පු තොග මිල අඩු වීමේ වාසිය මෙරට පාරිභෝගිකයාට ලැබිය යුතු බවද වෙළෙන්දන් පවසනවා.