නිමල් රාජපක්ෂ-
වත්තල පාපන්දු ලීගය පළමු වරට සංවිධානය කරන වයස අවුරුදු 14න් පහළ හා 16න් පහළ ලීග් ඇකඩමි පාපන්දු තරගාවලියේදී ශූරතාවය මැසනඩ් ඇකඩමි කණ්ඩායම දිනාගත් අතර අනුශූරතාව මාබෝල ඇකඩමි කණ්ඩායම දිනාගන්නා ලදි.
තරගාවලිය ගම්පහ අතිරේක දිස්ත්‍රික් ලේකම් ජේ .ඩබ්ලිව් .එස්. කිත්සිරි හා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජේ . ශ්‍රී රංගා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මහර බන්ධනාගාර ක්‍රීඩාංගණයේදී ඊයේ (04)පැවැත්විණි
මෙහිදි බාසිලෝනා ඇකඩමි කණ්ඩායම විසින් 14න් පහළ ශූරතාව දිනා ගත් අතර අනුශූරතාව රාගම ඇකඩමි කණ්ඩායම විසින් දිනා ගන්නා ලදී .
16න් පහළ කණ්ඩායම් 09ක් සහ 14න් පහළ කණ්ඩායම් 08 තරගාවලිය සදහා එක්ව සිටියහ . මෙම තරගාවලිය වත්තල පාපන්දු ලීගයේ සභාපති ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ උප සභාපති ටී.අයි. උඩුවර මහතාගේ මගපෙන්වීම අනුව සංවිධානය කෙරිණි .
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ වත්තල පාපන්දු ලීගයේ ලේකම් ජූඩ් කරුණාරත්න මහතා , විනය ගරුක ක්‍රීඩකයන් බිහි කර අනාගතයේ ජාතික තලයට ගෙන යාමත් පාපන්දු කෙරෙහි අඩු උනන්දුවක් දක්වන බැවින් දරුවන් ඒ කෙරෙහි යොමු කරවීමට දෙමාපියන්ට උනන්දුවක් ඇති කිරීමත් අරමුණු කොට ගෙන මෙවැනි තරගාවලියක්, පැවැත්වීමට කටයුතු සංවිධානය කළ බව සදහන් කළේය .
මේ අවස්ථාවට මහර බන්ධනාගාර අධිකාරී අනුරුද්ධ චම්මික ගජනායක ,මහතාද සහභාගිවුහ.