උපයන විට අයකරනු ලබන බද්ද ක්‍රියාත්මක කළහොත් ඊට පසුදින සිට වෘත්තීය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වන බව වෛද්‍ය, ඉංජිනේරු, බැංකු සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පවත්වමින් අද (05) අනතුරු ඇඟවීමක් කළේය.
රාජ්‍ය සේවකයින්ගේ ණය පොලී අනුපාත ඉහල දැමිමට ශ්‍රී ලංකා මහ බැංකුව ගනු ලැබූ ක්‍රියාමාර්ගයට එරෙහිව ලබන 9 වනදා අසනීප නිවාඩු වාර්තා කර වැඩවර්ජනයක් සිදුකරන බව ශ්‍රී ලංකා නිදහස් සෞඛ්‍ය සේවා සංගමය පවසයි.
මේ අතර ගුරුසෙත ණය යෝජනා ක්‍රමය හා අනෙකුත් ණය පොලී අනුපාත ඉහළ දැමීම හේතුවෙන් තමන් අපහසුතාවට පත්ව ඇතැයි පවසමින් ලංකා ගුරු සේවා සංගමයේ සාමාජිකයින් ඊයේ (04) පස්වරුවේ බොරලන්ද නගරයේදී විරෝධතාවක නිරතවිය.