Spread the love

පාර්ලිමේන්තු රැස්වීම් නොපැවැත්වෙන දිනවලදී පාසල් ශිෂ්‍යයන්ට සහ වෙනත් පාර්ශවයන්ට පාර්ලිමේන්තුව නැරඹීමට අවස්ථාව ලබාදීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.


ඒ අනුව පාර්ලිමේන්තු මහජන ගැලරිවලට පැමිණීමටද ඔවුනට එම දිනවලදී අවස්ථාව උදාවනු ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන අංශය පවසයි.
රටතුළ පැවති කොරෝනා තත්වය සහ රටේ ආරක්ෂක තත්වය හේතුවෙන් පාර්ලිමේන්තුව නැරඹීමට අවස්ථාව ලබාදීම පසුගිය කාලයේ තාවකාලිකව නතර කෙරිණි.
පාර්ලිමේන්තුව නැරඹීම සදහා පනවා තිබූ සීමාවන් ලිහිල් කිරීමේ අවශ්‍යතාව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ අවධානයට යොමු කීරිමෙන් අනතුරුව පාර්ලිමේන්තුව කාරක සභාව මෙම තීරණය ගෙන ඇතිබව පාර්ලිමේන්තු සන්නිවේදන අංශය වැඩිදුරටත් සඳහන් කරයි.