Spread the love

පවතින ආණ්ඩුව තුළ කවුරුන් තනතුරු ලබාගත්තද ඔවුන්ට පවතින අර්බුදය විසඳිය නොහැකි බව ජාතික ජන බලවේගයේ විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

ජනතා බලයෙන් පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයකට යා යුතු බවයි ඹහු සදහන් කලේ. මෙරටට පැමිණෙන විදේශීය රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතන බෙහෝමයක් සඳහන් කරන්නේ, හැකි ඉක්මනින් දේශපාලන ස්ථාවරභාවයක් සාදන ලෙස බවයි ඔහු සඳහන් කළේ.

පවතින ආණ්ඩුව පාර්ලිමේන්තුව තුළ ස්ථාවර වුවද ජනතාව කෙරෙහි ආණ්ඩුව සම්බන්ධයෙන් විශ්වාසයක් නොමැති බවයි ජාතික ජන බලවේගයේ විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ.