Spread the love

ගාල්ල මාපලගම ප්‍රධාන මාර්ගයේ සිට නාගොඩ කොස්ගහ හන්දිය හරහා කුරුපනාව මාර්ගය දැඩි ලෙස අබලන් වී ඇතිබව මගී ජනතාව පවසයි.

මාර්ගය හරහා කුරුපනාව කනිෂ්ඨ විද්‍යාලයට සහ නාගොඩ රාජකීය ජාතික පාසලට පාසල් දරුවන් සහ ගුරුවරුන් පැමිණෙන බව පවසන ප්‍රදේශවාසීන් මාර්ගය අබලන් වීම හේතුවෙන් දැඩි පීඩාවට පත්වන බව සදහන් කරයි.

වසර ගණනාවකට පෙර මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කර ඇති අතර මේ වනවිට ස්ථාන කිහිපයක තාර ගැලවී වළවල් හෑරි ඇතිබව පවසන ජනතාව මාර්ග හරහා දෛනිකව විශාල ජල පහරක් ගලා යන බව සදහන් කරයි.

මේ හේතුවෙන් පාසල් දරුවන් ඇතුළු ජනතාවට මාර්ගය මතින් පයින්වත් යාමට අපහසු වී ඇතිබව පවසන ජනතාව ගම්මාන රැසකට සහ ප්‍රදේශ කිහිපයකට මාර්ගය හරහා කඩිනමින් යා හැකිය.

මාර්ගය කඩිනමින් සංවර්ධනය කර දෙන ලෙස වගකිව යුතු අංශවලින් ඉල්ලා සිටියි.දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති තුමනි මේ ඔබේ කඩිනම් කාරුණික අවධානය පිණිසයි!