Spread the love

අධ්‍යාපන අමාත්‍යාංශය පාසල් පෝෂණ වැඩසටහනේ ආහාර සැපයුම්කරුවන්ගේ සියලුම හිඟ මුදල් ගෙවයි.

පාසල් පෝෂණ ආහාර වැඩසටහන යටතේ 2022 නොවැම්බර් හා දෙසැම්බර් යන මාසවලට අදාළ ව පළාත් මට්ටමින් ආහාර සැපයුම්කරුවන්ට ගෙවිය යුතු ව තිබූ මුළු මුදල රුපියල් බිලියන 2.4කි.

පළාත් පදනමින්,

1. බස්නාහිර පළාත – 399,418,020.00
2. මධ්‍යම පළාත – 269,900,000.00
3. නැගෙනහිර පළාත – 350,000,000.00
4. උතුරු මැද පළාත – 256,000,000.00
5. වයඹ පළාත – 221,000,000.00
6. උතුරු පළාත – 164,050,718.00
7. සබරගමුව පළාත – 182,993,773.00
8. දකුණු පළාත – 335,356,317.00
9. ඌව පළාත – 225,470,000.00

යන මේ සියලු පළාත්වලට අදාළ ගෙවීමට ඇති මුදල් 2023.01.31 දින වන විට පළාත් ගිණුම්වලට බැර කර ඇත. ආහාර සැපයුම්කරුවන්ට කලාප අධ්‍යාපන කාර්යාල හරහා ගෙවීම් මේ වනවිටත් සිදු වෙමින් පවතී.

මාධ්‍ය ඒකකය
අධ්‍යාපන අමාත්‍යාංශය