නිමල් රාජපක්ෂ-
කඩවත ගෝනහේන ග්‍රාමයේ ඉපදි දරණාගම කණ්ෂඨ විද්‍යාලයෙන් අකුරු කර ගෝනහේන මහා විද්‍යාලයෙන් අපොස උසස්පෙළ හදාරා කඩවත මහා විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය නිමා කර පාසල් අවදියේම කලාවට සම්බන්ධවී ඉදිරිපත්කල ”බින්කුණ්ඩෝ” නාට්‍යයෙන් සමස්ථ ලංකා හොදම නළුවා බවට පත්වු බව කලා ශූරී උපාලි රංජිත් යාපා මහතා අපහා පැවසුවේ හදපිරි නිහතමාණි ආඩම්බරයකිණි.
අද මෙන් තාක්ෂණය නොදියුනු අවදියක දැඩි අපහසුතා මධ්‍යයේ ගෝනහේන මහා විද්‍යාලයෙන් කලාවට සම්බන්ධවු යාපා මහතා බින්කුණ්ඩෝ නාට්‍ය පාසල් මට්ටමින් රගදැක්විය .මෙම නාට්‍යයට සම්ස්ථ ලංකා පළමු ස්ථානයට හිමිවිය. එම නාට්‍යයේ හොදම නලුවා බවට 1976 වසරේදී පත්වීම මා ලැබු භාග්‍යයක් ලෙස සැලකිය හැකියි. මට වයස අවුරුදු 13 දී ජොන්ද සිල්වා රගහලේ රගපාන්න අවස්ථාවක්ද උදාවුනා. නමුත් එතනින් නොනැවතුණු තමන් 1986 දී ශ්‍රි ලංකා පොලිස් දෙපාර්තුමේන්තුවේ තුර්යවාදක කණ්ඩායමට බැදිමට හැකිවිය.එතුලින් ලද පන්නරයත් සමගින් පොලීසිය ඇුතුලේ නාට්‍යයක් රගදක්වා පොලිසියෙන් කරලියට පත්වු නළුවාද වුයේ උපාලි රංජිත් යාපා යි.
තමන් කිසිදා නොසිතු අයුරින් 1978 වසරේදී පළමු ප්‍රේමසම්බන්ධයද ගෝනහේන මහා විද්‍යාලයේ අපොස සාමාන්‍ය පෙල ලියා පාසලේ අවසන් දිනයේදී ඇතිවුනා .ඒ වෙනත් කවුරුත් නොව රූපා කුමාරි යටිවැල්ලයි එදා ප්‍රේම සම්බන්ධය අරඹා වසර පහකදි විවාහ දිවියටඇතුලත්වුනා. එතැන් පටන් තම සහකාරියගේද සහාය ඇතිව ඉතා සුන්දර ජීවිතයක් ගතකරන්න හැකිවිම තමන් ලැබු භාග්‍යක් බවද පැවසුවේය.
නමුත් කාලයාගේ ඇවැමෙන් පොලින් දෙපාර්තුමේන්තුවේන් විශ්‍රාම ලැබුවත් කලාවට තිත තැබුවේ නැත . අද දක්වාත් කලාව වෙනුවේන් විශාල කැපවීමකින් ඉතා සතුටින් තම ජිවිතය ගත කරනබවද අපහා පැවසුවේ හදපිරි සතුටකිණි.
තව දුරටත් අදහස් දැක්වු යාපා මහතා ,
වීඩියෝව නරඹන්න
NIMAL RAJAPAKSHA -0777 305 751
srarajnews@gmail.com
nimalrajapaksha2@gmail.com
ඹබගේ ආයතන ,ව්‍යාපාරික , කලා කටයුතු හා නිර්මාණ කටයුතු ඉතා පහසු හා අඩුම මිලට පළකර ගැනීම සදහා අප මාධ්‍ය ආයතනය අමතන්න