නිමල් රාජපක්ෂ-
.

ශ්‍රී ලංකා පාසල් පාපන්දු සංගමය විසින් Renown Football Academy හි අනුග්‍රහයෙන් පවත්වනු ලබන ‘‘ජනාධිපති කුසලාන’’ සමස්ත ලංකා වයස අවුරුදු 18 න් පහළ අන්තර් පාසල් පාපන්දු අවසන් මහා තරගය ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සුගතදාස ක්‍රීඩාංගණයේදී මැයි 07 වන දින සාර්ථකව පැවැත්විණි.
18න් පහළ බාලක පළමු කොටසේ අවසන් මහා තරගයේදී ශූරතාව දිනා ගැනීමට කොළඹ සහිරා විදුහල සමත් විය. එහිදී කොළඹ හමීඩ් අල් හුසේනි විදුහල අනුශූරයන් බවට පත් විය.

18න් පහළ බාලිකා අවසන් මහා තරගයේදී පොළොන්නරුව බැඳිවැව මහා විද්‍යාලය ශූරයන් වූ අතර කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලය අනුශූරතාවය ලබා ගන්නා ලදි
18න් පහළ බාලක 2 වැනි කොටසේ අවසන් මහා තරගයේදී කළුතර මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලය ශූරතාව දිනා ගත් අතර කොළඹ අල්-හික්මා විද්‍යාලය අනුශූරයන් බවට පත් විය.
