Spread the love

දෙවැනි පාසල් වාර අවසන් කිරීම හේතුවෙන් රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා අද(02) නිවාඩු දිනයක් ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කර ඇත.

. ඒ අනුව තෙවන පාසල් වාරය ලබන සඳුදා (05) ආරම්භ වන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ..

තෙවන පාසල් වාරයේ පළමු අදියර දෙසැම්බර් මස 05 වන දින සිට 22 වන දින දක්වා පැවැත්වෙන අතර නත්තල් උත්සවය හේතුවෙන් දෙසැම්බර් මස 23 වන දින සිට ජනවාරි මස පළමු වන දින දක්වා යළි පාසල් සඳහා නිවාඩු ලබාදීමට නියමිතය.