Spread the love

පාසල් වල පැයක අමතර ඉගැන්වීම් කාලයක් අධ්‍යාපන අමාත්‍යංශය මගින් අනුමත කලද එම පැයක කාල සීමාව බල පැවැත්වෙන්නේ , 5 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පාසල් දරුවන් වෙනුවෙනි.

රජයේ සහ රජය අනුමත සියලුම පෞද්ගලික පාසල් හා අනුමත පිරිවෙන් සදහා දිනකට පැය එක බැගින් අමතර ඉගැන්වීම් කාලයක් සහිත දින 139 ක් ඉගැන්වීම් කටයුතු කළයුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ වෙතත් සිංහල හා දෙමළ පාසල්වල පළමු,දෙවන, තුන්වන හා හතරවන ශ්‍රේණි සඳහා ඉගැන්වීම් කටයුතු කළ යුතු අමතර කාලය පැය භාගයකි.

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ, 5 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා අමතර පැයක කාලයක් ඉගැන්වීම කළ යුතු බවයි.

ඊට අමතරව මුස්ලිම් පාසල්වල ආගමික කටයුතු සඳහා සිකුරාදා දිනය යොදා ගැනීම හේතුවෙන් එම දිනයේදී අමතර පැයක කාලයක් යොදා ගැනීම අපහසු වන්නේ නම්, පාසල් පැවැත්වෙන අනෙකුත් දිනවලදී අදාළ අහිමි වන කාලය ආවරණය කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

අමාත්‍යාංශය සඳහන් කළේ, සිසුන්ට විවේක කාලය ලබාදීමේදී වැඩිවන අමතර පැයක කාලය සඳහා විනාඩි 10 ක අමතර විවේකයක් ලබාදිය යුතු යුතු අතර එය විදුහල්පතිවරයාගේ අභිමතය පරිදි සිදුකළ හැකි බවයි.