සෞඛ්‍ය බලධාරීන් ලබාදී ඇති මාර්ගෝපදේශ වලට අනුව පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපයේදී පාර්ශව කිහිපයක් සමඟ සාකච්ඡා කර තීරණයක් ගන්නා බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසීය.
ඒ අනුව සිසුන් 200 අඩු පාසල් ආරම්භ කිරීමට නියමිතයි.පාසල් වල අධ්‍යන කටයුතු ආරම්භ කිරීමට පෙර එම පරීශ්‍රයන් පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
එම පිරිසිදු කිරීම ප්‍රාදේශීය ලේකම් තුමන්ලාගේ සහයෝගය ලබා ගැනීමට නියමිතයි.පාසල් අශ්‍රිතව ඇති පාසල් සංවර්ධන සමිතිය,ආදි ශිෂ්‍ය සමිති ඇතුළු අනෙකුත් සමිති වල සහයෝගය ලබා ගැනීමට නියමිත බව පැවසීය.
ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන්ගේ සහයෝගය සහ උපදෙස් අනුව පාසල් පිරිසිදු කිරීම සිදුකරන බව සදහන් කළේය.ගුරුවරුන්ගේ සහයෝගය පාසල් ආරම්භ කිරීමට ලැබෙනු ඇතිබව එහිදී වැඩිදුරටත් පැවසීය.
