Spread the love

2023 පාස්කු ඉරිදා දිනය අදට යෙදී තිබෙනවා .

මිට වසර හතරකට පෙර එනම් 2019 වසරේ අප්‍රේල් මස 21වනදා ද පාස්කු ඉරිදා දිනය යෙදී තිබු අතර එදින මෙරට කිතුනු ජනයා ඉලක්ක කර ගනිමින් දැවැන්ත බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල වුණා .

පාස්කු ප්‍රහාරය වැනි සිදුවීම් මින් ඉදිරියට සිදු නොවන සේ රටේ ආරක්ෂාව සුරක්ෂිත කිරීමට කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

පාස්කු දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළා.

එම අවාසනාවන්ත සිදුවීමට අදාල නීතිමය කටයුතු දැනටමත් ක්‍රියාත්මක වෙමින් තිබෙන බව ද ජනාධිපතිවරයා කියා සිටියා .

ස්වාධීනව සහ අපක්ෂපාතීව එම කටයුතු කිසිඳු බලපෑමකින් තොරව ඉදිරියට ගෙන යමින් වින්දිතයන්ට යුක්තිය ඉටුවීමට අවශ්‍ය පසුබිම සකසා තිබෙන බව ද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කලා .

ඉතා කෙටි කාලයක් තුළ අභියෝග ජයගතහැකි බව තමන් තරයේ විස්වාස කරන බවයි ජනාධිපතිවරයා සදහන් කළේ.

පටු දේශපාලාන අරමුණු වලින් මෙන්ම පසුගාමි ප්‍රවණතාවලින් බැහැරව රට ගොඩනගන පොදු වැඩපිළිවෙල සමග සියලු දෙනා අත්වැල් බැද ගැනීම වැදගත් බවයි රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ.

රට හමුවේ ඇති සියලු අභියෝග ජය ගැනීමට ඥානාලෝකය , ධනාත්මක බව සහ ආධ්‍යාත්මික ශක්තිය පිළිබිමු කෙරෙන පාස්කු මංගල්‍ය ආශිර්වාදයක් වේවායි ජනාධිපතිවරයා සිය පාස්කු දින පණිවිඩයෙන් ප්‍රාර්ථනා කර තිබෙනවා.