Spread the love

විදුලි බල මණ්ඩලයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කෙත්හේන ජල පවිත්‍රාගාරයට සැපයෙන විදුලි බලය අත්හිටුවීම සහ අළුත්ගම, මතුගම හා අගලවත්ත ඒකාබද්ධ ජල සම්පාදන වියාපෘතියේ අත්‍යාවශ්‍ය සංවර්ධන කටයුත්තක් හේතුවෙන් හෙට(09) පෙරවරු 08.00 රාත්‍රි 09.00  දක්වා පැය 13 කාලයක් කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩල පවසයි

ඒ අනුව වාද්දුව ,වස්කඩුව ,පොතුපිටිය ,කළුතර උතුර ,කළුතර දකුණ,කටුකුරුන්ද නාගොඩ,බෝම්බුවල,පිලමිනාවත්ත,පයාගල ,මග්ගොන ,බේරුවල ,මොරගල්ල,අළුත්ගම ,දර්ගානගරය,බෙන්තොට සහ කළුවාමෝදර ප්‍රදේශ වලට ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය පවසයි.

වැඩිදුර විස්තර සදහා ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලයේ 1939 ක්ශනික දුරකථන අංකය ඇමැතිය හැකි