Spread the love

පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා පියවර ගෙන ඇතිබව නාවික හමුදා මාධ්‍ය අංශය පවසයි.

ඒ අනුව ගංවතුර හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා සබරගමු සහ දකුණු පළාත් වලට මේවනවිට නාවික හමුදා සහන කණ්ඩායම් 06ක් යොමුකර තිබේ.බටහිර නාවික විධානය මගින් රත්නපුර ප්‍රදේශයට සහන කණ්ඩායම් 04ක් යොමුකර ඇතිබව නාවික හමුදාව පවසයි.

දක්ෂිණ නාවික විධානය මගින් ගාල්ල දිස්ත්‍රික්කයේ තවලම ප්‍රදේශයට සහන කණ්ඩායම් 02ක් යොමුකර තිබේ.

මේ අතර හදිසි අවශ්‍යතා සදහා බටහිර නාවික විධානය ,දකුණු නාවික විධානය සහ වයඹ නාවික විධානය මගින් අමතර සහන කණ්ඩායම් 29 සීරුවෙන් තබා ඇති නාවික හමුදා මාධ්‍ය අංශය වැඩිදුරටත් පවසයි.