Spread the love

මෙරට ක්‍රියාත්මක වන පුද්ගලික උසස් අධ්‍යපන ආයතන විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අධීක්ෂණයට යටත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කර ඇතිබව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජේෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසීය.

ඒ අනුව විශ්ව විද්‍යාල පනතට සංශෝධන ගෙන ඒමට දීර්ඝ ලෙස sසාකච්ඡා සිදුවන බව පැවසීය.එහෙත් ඒ පිළිබඳව මේ දක්වා අවසන් තීරණයක් ගෙන නොමැති බව පැවසීය.

විදේශීය විශ්ව විද්‍යාල මගින් ලබා දෙන උපාධි පාඨමාලා හැදෑරිය හැකි උසස් අධ්‍යපන ආයතන පිළිබඳ මේවන විට කටයුතු සිදුවනුයේ අධ්‍යාපන අඅමාත්‍යංශය යටතේ බව සභාපතිවරයා පැවසීය.

ඇතැම් උසස් අධ්‍යාපන ආයතන සිසුන්ගෙන් විශාල ලෙස මුදල් අයකරන බවට සහ ඇතැම් ආයතන මුදල් වංචා කර ඇතිබවට පැමිණිලි ලැබි තිබේ.ඒ අනුව පෞද්ගලික විශ්ව විද්‍යාල විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතට ගැනීමට අවධානය යොමු වූ බව වැඩිදුරටත් පැවසීය.