Spread the love

වසර 380 පමණ සිදුවන දීර්ඝතම චන්ද්‍රග්‍රහණය (19) අද සිදුවන බව කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යන අංශයේ අංශාධිපති මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය.

නමුත් එය ශ්‍රී ලංකාවට දර්ශනය නොවන බව පැවසීය.

මේ දිනවල සෞරග්‍රහ මණ්ඩලයේ දීප්තිමත්ම ග්‍රහලෝක තුන වන බ්‍රහස්පති ,සෙනසුරු සහ සිකුරු හිරු බැසයාමෙන් පසුව බටහිර අහසේ එක පෙළට නිරීක්ෂණය කර හැකි බව පැවසීය.

ඉන්දියාවේ නැගෙනහිර ප්‍රදේශය ඇමරිකාව ,උතුරු යුරෝපය නැගෙනහිර ආසියාව,ඕස්ට්‍රේලියාව ,පැසිපික් කලාපයේ රටවල් ඇතුළු ලෝකයේ රටවල් රැසකට මෙම චන්ද්‍රග්‍රහණය නිරීක්ෂණය වෙයි.

චන්ද්‍රග්‍රහණය අද පෙරවරු 11.32 ආරම්භ වී පස්වරු 05.33 අවසන් වීමට නියමිතයි.

නමුත් ලබන දෙසැම්බර් මස 04 වනදා පූර්ණ සූර්‍යග්‍රහණයක් සිදුවන බව අංශාධිපතිවරයා පැවසීය