Spread the love

ගම්පොළ ඇත්ගාල හලාගම ප්‍රදේශයේ පුරාවස්තු කැණීම් කළ පුද්ගලයන් 06 දෙනෙකු කැණීම් සදහා යොදාගත් උපකරණ සමඟ ඇත්ගාල පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 19 සහ 44 වයස් වල පසුවන කටුගස්තොට ,උලපනේ ,නාවලපිටිය ,අඹන්පොළ ප්‍රදේශ වල පදිංචි පුද්ගලයන්ය.

සැකකරුවන් අද 19) අඹන්පොළ මහෙස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඇත්ගාල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.