Spread the love

කරදියනාරු මාවඩිඔඩෙයි ප්‍රදේශයේ පුරාවස්තු සෙවීමේ අරමුණින් ස්කැවේටර් යන්ත්‍රයක් ආධාරයෙන් කැණීම් කරමින් සිටි පුද්ගලයකු කරදියනාරු පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 26ක් වූ උහන ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.

සැකකරු අද (16) මඩකළපුව මහෙස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

කරදියනාරු පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.