Spread the love

කොළඹ වරායේ රදවා තිබූ මෙට්‍රික් ටොන් 36000ක පෙට්‍රල් නෞකාව සදහා මුදල් ගෙවූ බව විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය පවසයි.

එහි තොග ගොඩ බෑම අද (30) ආරම්භ කිරීමට නියමිතයි.

කෙසේ වෙතත් ඩීසල් නෞකා දෙකක් සහ පෙට්‍රල් නෞකාවක් මුදල් නොගෙවීම හේතුවෙන් තවදුරටත් කොළඹ වරායේ නැංගුරම් ලා තිබේ.

ලබන නොවැම්බර් මාසයේ මෙරටට ළඟාවීමට නියමිත බොරතෙල් නෞකාවක් සදහා මේවන විට මූලික ගෙවීම් සිදුකර ඇතිබව එම අමාත්‍යංශය වැඩිදුරටත් පවසයි.