Spread the love

ගාල්ල දිස්ත්‍රික්කයේ පෙර පාසල් අධ්‍යාපන වැඩි දියුණු කිරීම සදහා වැඩසටහන් රැසක් මේවන විට ක්‍රියාත්මක කර ඇතිබව ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි.

මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන වල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සහ මානව සම්පත් සංවර්ධනය  ලෙස අදියර දෙකකින් සමන්විත වෙයි.යටිතල පහසුකම් සංවර්ධනය යටතේ පෙර පාසල් සදහා අවශ්‍ය උපකරණ ලබාදීම,ගොඩනැගිලි සංවර්ධන කටයුතු ආදී කටයුතු රැසක් සිදුවෙයි.

ගුරුවරුන් සදහා අවශ්‍ය පුහුණු කිරීම් සහ දරුවන් වෙනුවෙන් මානව සම්පත් සංවර්ධනය යටතේ සිදුකරන බව එම කාර්යාලය සදහන් කරයි.ගාල්ල දිස්ත්‍රික්කයේ පෙරපාසල් 857 සදහා වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර ඇතිබව වැඩිදුරටත් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි.