Spread the love

පේරාදෙණිය උද්භිද උද්‍යානයට වසර 200ක් පිරීම නිමිත්තෙන් ජාතික ශාඛ කෞතුකාගාරයක් ඉදිකිරීමට තීරණය කර ඇතිබව ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි.

එම උද්භීද උද්‍යානය තුළ මෙය ස්ථාපිත කෙරේ .මෙරටට ආවේණික ශාඛ සහ ඒ ආශ්‍රීත නිෂ්පාදන එහි ප්‍රදර්ශනයට තැබේ.

ලොව ප්‍රකට ශාඛාගාරයක් බවට එය පරිවර්තනය කිරීමට නියමිත.එමගින් මෙරටට ආවේණික ශාක රැකගැනීම සදහා ජනතාව උනන්දුවක් ඇති වනු ඇතිබව පේරාදෙණිය විශ්ව විද්‍යාලය සදහන් කරයි.