අත්අඩංගුවට ගත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති අනුරාධ විදානගේ රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
සැකකරු අද (30) මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇති බව අද දෙරණ වාර්තාකරු පැවසීය.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න මහතාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට පහරදී නිල නිවසට අලාභාහානි කිරීමේ සිද්ධියට අදාළව ඊයේ පස්වරුවේ මහනුවර නගරයේ දී ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.