Spread the love


නිමල් රාජපක්ෂ-

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වාණිජ)වී.එස්. පොල්වත්තගේ මහතා අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී (මෙහෙයුම්) ලෙස පසුගිය 01 වැනිදා සිට උසස්කර ඇති බැවින් හෙට (08)ඒ මහතා සිය ධුරයේ රාජකාරිී බාර ගැනීමට නියමිතයි.

කොළඹ ආනන්ද විදුහලේ ආදිශිෂ්‍යයෙකු වන මොහු බොරැල්ල සුසමයවර්ධන විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා ඇත. උසස් අධ්‍යාපනයෙන් පසුව 1985 සැප්තැම්බර් මස 09 වන දින ආධුනික නියාමකවරයෙකු ලෙස දුම්රිය සේවයට එක්වි ඇත.

එම ශ්‍රේණියේ විශේෂ පන්තිය තෙක් උසස්වීම් ලැබ, දෙපාර්තමේන්තුවේ විධායක ශ්‍රේණියට සහකාර ප්‍රවාහන අධිකාරීවරයෙකු වශයෙන් පත්වීම් ලබා තිබේ.පසුව වාණිජ හා ප්‍රවාහන උප දෙපාර්තමේන්තු දෙකෙහිම විවිධ තනතුරු හොබවමින් වාණිජ උප දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වශයෙන් ද කටයුතු කරන ලදී.


වසර 37ක සේවා කාලයක් සපුරමින් මේ දක්වා රාජකාරී ජීවිතයේ වෘත්තීය සමිති ගණනාවක නායකත්වය දරා වර්තමානයේ ශ්‍රී ලංකා දුම්රිය විධායක නිළධාරී සංගමයේ සභාපතිත්වය ද උසුලයි.

මුළු දිවයිනටම සාමදාන විනිශ්චයකාරවරයෙකු වන මොහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රිකට් විනිසුරුවරයෙකු වූ අතර වර්තමානයේ වෘත්තීමය ක්‍රිකට් විනිසුරුවන්ගේ සංගමය, රාජ්‍ය සේවා දැල්පන්දු සංගමය, ශ්‍රී ලංකා දුම්රිය ක්‍රීඩා සමාජයේ ද උප සභාපතිත්වය උසුලයි.