පොල් මිල ඉහල යාමත් සමග තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බව බොහෝ පිරිසක් පවසති.
මේ වන විට පොල් ගෙඩියක මිල රුපියල් 90ත් 100ත් අතර මිලකට අලෙවි වන බවත් මෙම තත්වයන් මත තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත් පාරිභෝගිකයන් පවසති.
පොල් වෙළදුන් පවසන්නේ මේ වන විට පොල් තොග මිල දැඩි ලෙස ඉහල යාමත් සමග මෙම තත්වයන් උද්ගතව ඇති බවය.
මෙම තත්වයන් මත පොල් තොග ලබා ගැනිම සදහා අතිරේකව විශාල මුදලක් වැය කිරිමට සිදු වන බවත් පොල් මිල ඉහල යාමත් සමග පොල් අලෙවියද පහල බැස ඇති බවත් එම තත්වයන් මත පාරිභෝගිකයන් මෙන්ම තමන්ද විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවද වෙලදුන් වැඩි දුරටත් පවසන ලදි.