Spread the love

වෙළද පොළේ පොල් මිල සීග්‍රයෙන් ඉහළ යමින් ඇතිබව වෙළෙන්දෝ පවසති.ඒ අනුව මේවනවිට වෙළඳපොලේ පොල් ගෙඩියක මිල රුපියල් 10 ත් 15 ත් අතර අගයකින් ඉහළ ගොස් තිබේ.

මේ වන විට වෙළඳපොලේ පොල් ගෙඩියක් රුපියල් 80ත් 95 ත් අතර මිලකට අලෙවි වෙයි.පසුගිය කාල සීමාවේදී පොල් ගෙඩියක මිල රුපියල් 60 දක්වා පහළගොස් තිබිණි.කෙසේ වෙතත් පොහොර ගැටලුව හේතුවෙන් මේ වන විට පොල් ඵලදාව අඩු වී ඇති බව පොල් වගාකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

මේ වන විට මෙරට මාසික පොල් ඵලදාව පොල් ගෙඩි මිලියන 200 ත් 250 ත් අතර ප්‍රමාණයකට පහත බැස ඇතිබව එම සංගමය වැඩිදුරටත් සදහන් කරයි.