07 වනදා කොළඹ දී අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය පැවැත්වූ විරෝධතාවට පොලිසිය විසින් එල්ල කරන ලද කඳුළු ගෑස් ප්‍රහාරය හේතුවෙන් කොළඹ සරසවියේ ආරක්ෂක සේවකයකු මරණයට පත්වී ඇතැයි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ගියේ සඳහන් කරයි.
කදුළු ගෑස් වැදීමෙන් පසු අදාල සේවකයා රෝහල්ගත කරන ලද බවත් ඊයේ පෙරවරුවේ විට ඔහු මරණයට පත් වී ඇති බවත් හෙතෙම පැවසීය.
මෙම මරණය වගකීම ආණ්ඩුව විසින් භාරගත යුතු බවත් ඔහු කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ ය.