Spread the love

පොලිස් ස්ථානාධිපතිවරුන් පත්කිරීම සදහා විධිමත් වැඩපිළිවෙළක් දියත් කිරීමට පොලිස්පතිවරයා වෙත අදාල ක්‍රමවේදය යොමු කල බව රාජ්‍ය සේවා කොමිෂන් සභාව පවසයි.

පොලිස්පතිවරයා පොලිස් ස්ථානාධිපතිවරුන් පත්කිරීම සදහා විධිමත් වැඩපිළිවෙළක් නොමැති බව පසුගියදා අනාවරණය විය.

ඒ සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාව පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් ලබා ගෙන තිබේ.එම වාර්තාවේ ඇතුළත් කරුණු සදහා සංශෝධන එක්කර නව වැඩපිළිවෙළ සැකසූ බව එම කොමිෂන් සභාව සදහන් කරයි.

දිවයින පුරා පොලිස් ස්ථාන 182 සදහා මෙතෙක් දේශපාලන නිර්දේශ මත පොලිස් ස්ථානාධිපතිවරුන් පත්කිරීම සිදුවිය