Spread the love

වී ඇසුරුම් කිරීම සඳහා යොදාගන්නා පොලිසැක් බෑග් වල මිල රුපියල් 35කින් පමණ ඉහල දැමීමට සිදුව ඇති බව නිෂ්පාදන සමාගම් පවසයි.ඩොලරය ඉහළ යාම මෙන්ම ඉන්ධන ගාස්තු ඉහළ යාම හේතුවෙන් මෙලෙස මිල වැඩි කිරීමට සිදුව ඇතිබව නිෂ්පාදකයින් සදහන් කරයි.මේ අතර අතීතයේ සිට මේ දක්වාම බලයට පත්වු සියලු ආණ්ඩු සීමා ඉක්මවා ගොස් මහා පරිමාණ සහල් මෝල් හිමියන්ට සහයෝගය ලබාදුන් බවට සමස්ථ ලංකා සුලු හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයින්ගේ සංගමය සදහන් කරයි.රටේ පවතින ආර්ථික ගැටලු හමුවේ තමන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටින බව එම සංගමය වැඩිදුරටත් සදහන් කරයි.