Spread the love

පොලිස්පති, පොලීසිය හා සන්නද්ධ හමුදා ඕනෑම තත්ත්වයකදී ක්‍රියා කළ යුත්තේ, විරෝධතාකරුවන්ගේ හා ජනතාවගේ ආරක්ෂාව සහතික කිරීමට බවයි නීතීඥ සංගමය රජයට නැවතත් අවධාරණය කර තිබෙන්නේ.

නමුත් උල් සහිත මාර්ග බාධක සහ ඒවා කළු ඉටිකොළවලින් ආවරණය කර ජනාධිපති ලේකම් කාර්යාලය අවට මාර්ගවල යොදා තැබීමෙන් ජනතාවට බරපතල තුවාල සිදුවිය හැකි තත්ත්වයක් මතු කිරීම පිළිබදව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ දැඩි අවධානය යොමු වී තිබෙනවා.

එසේම සාමකාමී උද්ඝෝෂණ කිරීමේ අයිතිය මෙන්ම නිදහසේ ගමන් කිරීමේ පුරවැසි අයිතිය තහවුරු කිරීම සිදු කළ යුතු බවයි ඔවුන් සිය නිවේදනය මඟින් පෙන්වා දෙන්නේ. නමුත්යම් කිසි හේතුවකින් ප්‍රචණ්ඩකාරී වාතාවරණයක් ඇති වුවහොත් එය රටට දරුණු ප්‍රතිවිපාක අත් කර දීමට තුඩු දිය හැකි බව ද ශ්‍රී ලංකා නීතීඥ සංගමය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.